මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 04 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.

මෙරටින් මතද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පුත්තලම, සිනමන්දලුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්‍ෂා කිරීමේදී නිවස තුල තිබි හෙරෝයින් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 410 සොයා ගැනීමට සමත් වූ අතර, එහිදී නිවසේ සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34, 40 සහ 46 වන වියෙහි පසුවන මදුරන්කුලිය සහ සෙම්මාන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එම සැකකරුවන්, සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, පෙලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මඟපෙන්වීම සහ උපදෙස් මත මුහුදු මාර්ග ඔස්සේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීමේ ජාතික මෙහෙවර නාවික හමුදාව විසින් ඉදිරියටත් ඉටු කරමින් සිටියි.