මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය දේශපාලන කොමසාරිස්, මේජර් ජෙනරාල් ෂු ගුබියාඕ ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී මේජර් ජෙනරාල් ෂු ගුබියාඕ ඇතුළු ‍නියෝජිත පිරිස නාවික හමුදාධිපතිතුමා හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ පිහිටි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය සම්බන්ධයෙන් සහ නාවික හමුදා කාර්යභාරය පිළිබඳව චීන නියෝජිත පිරිස දැනුවත් කිරීම නාවික හමුදා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදි නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි

තවද, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නන්දන ජයරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ. අවසානයේ, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.