69 වන නාවික හමුදා දිනයට සමගාමීව ඉස්ලාම් ආගමික වැඩසටහන කොළඹදී

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (‍2019 දෙසැම්බර් 05) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

මෙම ආගමික වැඩසටහනේදී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නාවික විරුවන්හට සහ ආබාධිත තත්වයට පත් නාවික විරුවන්හට මෙන්ම වත්මන් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන් හටත් ආශිර්වාද කරමින් යාඥාවක් පවත්වන ලදී.

එම ආගමික වතාවත් සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් , රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ, නාවික හමුදා මුස්ලිම් සංගමයේ සභාපති, කොමාණ්ඩර් ප්‍රෂාන් මාසෝ සහ නාවික හමුදාවේ රාජකාරී නියුතු මුස්ලිම් ජාතික නාවික පුද්ගලයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද එම ආගමික කටයුතු සඳහා සහභාගී වී සිටියහ. මෙම ආගමික වැඩසටහන කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම ආයතනයේ නාවික පුද්ගලයින් විසින් සංවිධානය කරන ලදී.