නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි

නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත 2020 වර්ෂය සඳහා හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගම (Hutch) අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම අද (2019 ‍දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී, රම්සීනා මෝසෙත් අයි මහත්මිය ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

දක්‍ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ‍ක්ෂේත්‍ර‍යේ දියුණුව සඳහා කවදත් දායකත්වය ලබා දෙනු ලබන හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගම මෙවරත් ඒ සඳහා දායකත්වය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීම මෙලෙස අද දින සිදු වීය. අනතුරුව රම්සීනා මෝසෙත් අයි මහත්මිය සහ නාවික හමුදාධිපතිතුමා අතර එහිදී ගිවිසුම පිළිබඳ අදහස් කිහිපයක් හුවමාරු කර ගන්නා ලදී. මෙහිදී නාවික හමුදා රග්බි කණ්ඩායම් සදහා මූල්‍යම අනුග්‍රහක දායකත්වයක් සැපයිම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා හච් සමාගම වෙත සිය ප්‍රණාමය පිරිනැමිමට ද කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, නාවික හමුදා රග්බි සංගමයේ සභාපති සහ හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගමේ විධායක නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.