නීති විරෝධී ලෙස මසුන් මැරීමට යොදා ගන්නා උපකරණ ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව එක්ව 2019 දෙසැම්බර් 05 වන දින කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස මසුන් මැරීම සඳහා යොදා ගන්නා උපකරණ හතරක් තම සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ නියෝග උල්ලංඝනය කරමින් සැකකරු විසින් මෙම උපකරණ ලග තබා ගෙන සිට ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා වෙළඳසැලක් තුල සඟවා තිබියදී මෙලෙස සොයා ගෙන ඇත. අත් අඩංගුවට පත් පුද්ගලයා 53 වන වියෙහි පසුවන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.