මාර්ගයේ වැටී තිබූ ගසක් ඉවත්කර ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කිරීමට නාවික හමුදා සහාය

මැදවච්චිය, පුනෑව ප්‍රදේශයට බලපෑ සුළං තත්වය හේතුවෙන් මාර්ගය හරහා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට නාවික හමුදාව 2019 දෙසැම්බර් 05 වන දින කටයුතු කරන ලදී.

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හා සුළං තත්වය හේතුවෙන් මහනුවර යාපනය (ඒ-9) මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ මාර්ගය ඉදිරියේ ගසක් වැටී මාර්ගයේ ගමනාගමනයට බධා පැමිණ තිබුණි. පුනෑව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ඉදිරියේ ඇති මාර්ගයේ මෙලෙස ගස කඩා වැටි තිබු අතර, එම ගස කඩිනමින් ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.