නාවික හමුදා සහ පොලීසිය එක්ව සිදු කල මෙහෙයුමකදී සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 05 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ලග තබා ගත් පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් මෙහෙයුමක් ත්‍රිකුණාමලය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදී. එහිදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා වෙළඳසැලක් තුල සඟවා තිබු මදන මෝදක 257 ක් සොයා ගෙන ඇති අතර, එහිදී ‍එම වෙළඳසැලෙහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත් අඩංගුවට පත් පුද්ගලයා 23 වන වියෙහි පසුවන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ මදන මෝදක තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.