බිඩී කොළ කිලෝග්‍රෑම් 818 ක් සමඟ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙ‍සැම්බර් 06 වන දින කල්පිටිය, කප්පල්අඩි වෙරළ තීරයේදී නීති වි‍රෝධි ලෙස බිඩී කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරනු ලැබු මෙහෙයුමක් කල්පිටිය, කප්පල්අඩි වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 06 වන දින ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, වෙරළ තීරයේ ප්‍රවාහනය කරමින් තිබු සැක කටයුතු රථ කිහිපයක් නිරික්‍ෂණය කර ඒවා පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී පාර්සල් වශයෙන් අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 818 ක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදි ලොරි රථ 02 ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් සමඟින් එහි සිටි සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 23 ත් 60 ත් අතර වියෙහි පසුවන පුත්තලම, නාඋල, මාතලේ, කල්පිටිය, තලවිල සහ ගලේවෙල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, බිඩී කොළ තොගය සහ ලොරි රථ 02 ක, කැබ් රථය මෙන්ම වෑන් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලද අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.