රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2019 දෙසැම්බර් 06 වන දින වැඩ භාර ගන්නා ලදී.

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් ස්වේච්ජා නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගත් අතර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සූජිව පෙරේරා විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත භාර දීම සිදු කෙරිණි.

එමෙන්ම රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ද රාජකාරී සිදු කරනු ලබන අතර, මෙම අවස්ථාව සඳහා ස්වේච්ජා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු ටෝනි පෙරේරා ද එක්විය.