දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් 2019 දෙසැම්බර් 06 වන දින දකුණු පළාත් නව ආණ්ඩුකාර, ගරු විලී ගමගේ මහතා හමු විය.

මෙම හමුවීම ආණ්ඩුකාරතුමන් පත්විමෙන් පසු ආඥාපතිතුමන් හමු වූ පළමු නිල හමුව වූ අතර, එහිදී ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව සතු කාර්ය භාරය හා ඉදිරියේදි සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව ආඥාපතිතුමන් විසින් ආණ්ඩුකාරතුමන් දැනුවත් කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමන් විසින් සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදි.