නාවික හමුදා ‍මෙහෙයුමකින් ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 06 වන දින කල්මුණේ පොයින්ට් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙලෙස කල්මුණේ පොයින්ට් වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වීය. එහිදී, ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 01 ක්, චාර්ඡස් 08 සහ විදුලි නොවන ඩෙටනේටර් 11 ක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත.