නාවික හා සාගරික විද්‍යාපීඨයේ 25 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමා වේ

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 25 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරින් 22 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම 2019 දෙසැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී විය. නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු ප්‍රසන්න මහවිතාන, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික හමුදා අධ්‍යක්‍ෂකවරුන්, පුහුණුවන නිලධාරින් මෙන්ම, යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් මෙන්ම බංගලාදේශ නාවික හමුදාවේ නිලධාරින් ඇතුළු නිලධාරීන් 22 දෙනෙකු මෙහිදී පාඨමාලාව සාර්ථකව නිමා කරන ලදි. මෙහිදී පහත සඳහන් නිලධාරින් පාඨමාලාවේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සම්මාන පිරිනැමිමක් ද සිදු කෙරුණි.


පාඨමාලාවේ දක්ෂතම නිලධාරීයා (ශ්‍රී ලංකා නාවික හමුදාව)

ලුතිනන් කොමාණ්ඩර් ආර්එම්සීකේ රත්නායක


පාඨමාලාවේ දක්ෂතම නිලධාරීයා (වෙනත් ආරක්‍ෂක අංශ)

ලුතිනන් කොමාණ්ඩර් එම්කේ හාසාන් (බංගලාදේශ නාවික හමුදාව)


පාඨමාලාවේ දක්ෂතම කථිකයා

ලුතිනන් ඩබ්එම් තිලකරත්න


හොදම පර්යේෂණ පත්‍රිකාව වෙනුවෙන් පිරිනමන ආඥාපතිතුමාගේ කුසලානය

ලුතිනන් කොමාණ්ඩර් ආර්එම්සීකේ රත්නායක

මෙම කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පාඨාමාලවක් වන අතර, මෙම පාඨමාලාව සාර්ථකව හදාරනු ලබන නිලධාරීන් හට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන ආරක්ෂක කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදැරීමට අවස්ථාව හිමිවනු ඇත.