නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 08 ක් සොයා ගැනේ

නාවික හමුදා විසින් අද (2019 දෙසැම්බර් 07) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 400 දිගැති තහනම් දැල් 08 සොයා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමක් අද අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශයෙ ආශ්‍රිතව සිදු කරන ලද අතර, එහිදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් දැල් කිහිපය සොයා ගැනීමට සමත්ව ඇත.

අදාල තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.