නාවික හමුදා 69 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමඟාමීව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය ‍දෙසැම්බර් 06 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.

මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින් හටත් ආශිර්වාද කරමින් පුඡාවක් පවත්වන ලදී. එම ආගමික වතාවත් සඳහා නාවික හමුදා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවින්ද්‍ර රණසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු බන්දුල සේනාරත්න ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.