කින්නියා, උප්පාරු පාලම අසල ආපදාවට පත්ව අතුරුදහන් වූ ධීවරයින් සොයා නාවික හමුදාව මෙහෙයුම්

2019 දෙසැම්බර් 08 වන දින උප්පාරු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් ආපදාවට පත්වීම හේතුවෙන් එහි සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

උප්පාරු පාලම අසල ප්‍රදේශයේ ඩිංගි යාත්‍රාවක් පෙරලී අනතුරට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලීසිය විසින් නාවික හමුදාව දැනුවක් කර ඇති අතර, එහිදී නාවික හමුදාව ඒ සඳහා නාවික හමුදා යාත්‍රාවන් සමඟ කිමිදුම් නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලදී ඒ අනුව එහි සිටි පුද්ගලයින් පස්දෙනෙකු (05) අතරින් දෙදෙනෙකු (02) දිවි බේරා ගෙන ගොඩබිම වෙත පැමිණ ඇති අතර, අතරුදහන් අනෙකු පුද්ගලයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී එක් පුද්ගලයෙකුගේ මෘත දේහයක් යාත්‍රාව අනතුරට පත් ප්‍රදේශයේ තිබි සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වූ අතර, අතරුදහන් අනෙක් පුද්ගලයින් සොයා මේවන විට නාවික හමුදාව මෙයෙහුමක් ක්‍රියාත්මක කර ඇත.

මෙම අනතුරට පත් පුද්ගලයින් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කරුණු අනාවරණය කර ගෙන ඇති අතර, සොයා ගන්නා ලද මෘත දේහය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා කින්නියා පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව කින්නියා, මූලික රෝහල වෙත භාර දීමට කටයුතු කර ඇත.