වැදගත් සිදුවීම්

දේශයේ පළමු ආරක්ෂක වළල්ල - ශ්‍රී ලංකා නාවික හමුදාව; නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය ‍2019 දෙසැම්බර් මස 09 වන දින

දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.

08 Dec 2019

කින්නියා, උප්පාරු පාලම අසල ආපදාවට පත්ව අතුරුදහන් වූ ධීවරයින් සොයා නාවික හමුදාව මෙහෙයුම්

2019 දෙසැම්බර් 08 වන දින උප්පාරු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් ආපදාවට පත්වීම හේතුවෙන් එහි සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

08 Dec 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 07 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

08 Dec 2019

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.

08 Dec 2019

නාවික හමුදා 69 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමඟාමීව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය ‍දෙසැම්බර් 06 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.

08 Dec 2019

අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින යෙදී ඇති අතර, ඊට සමගාමීව පසුගිය දින කිහිපය පුරාම සාමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

08 Dec 2019