දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

වැලිගම ගංදුව මුහුදු ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 08 වන දින ක්‍රියාත්මක කළ අතර, එහිදී එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

දිවයින වටා වූ සාගර කලාපයේ ඕනෑම අවස්ථාවක මුදවා ගැනීමේ සහ සෙවීමේ මෙහෙයුම් සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකා නාවික හමුදාව, අද වැලිගම ගංදුව මුහුදු ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සෙවීමේ කටයුතු සඳහා සිය දායකත්වය සපයන ලදී. ඒ අනුව දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදා සහාය ලබා දීමට කටයුතු කරන ලෙස වැලිගම, පොලීසිය විසින් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලදී

එහිදී නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, අදාල මෘත දේහය වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා වැලිගම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.