බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (‍2019 දෙසැම්බර් 09) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි එක් මෙහෙයුමක් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වෙරළ තීරයේ තිබු සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහි තුල තිබී මුහුදු කූඩැල්ලන් 409 ක් සොයා ගෙන ඇත. සිදු කල වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධි ලෙස වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරතව ඇති බව කරුණු අනාවරණය කරගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 34, 36, 42 සහ 45 ක් වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 409 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන්, ධිවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.