ශ්‍රීලංනානෞ ‘කංචදේව’ ආයතනය සහ ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාව සිය සංවත්සරික දිනයන් අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සහ නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව සංවත්සරික දිනය අද (2019 දෙසැම්බර් 09) අභිමානවත් ලෙස සමරන ලදි.

මෙහිදී, ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සිය 21 වන සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව සිය 36 වන සංවත්සරය නිමිත්තෙන් එහි අණදෙන නිලධාරීන් වන පිලිවෙලින්, කපිතාන් (සංඥා) තුෂාර උඩුගම සහ කොමාණ්ඩර් (මාලිමා) ජනක හෙට්ටිආරච්චි ඇතුළු නැව් මුළුවන් විසින් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සංවත්සරික උත්සවයන් උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, නාවික සාම්ප්‍රදායානුකූලව 2019 දෙසැම්බර් 09 දින උදෑසන ආයතනයන්හි අණදෙන නිලධාරීන්ගේ අංශ පිරික්සීම් සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරින් විසින් නැව් මුළුවන් ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයන් පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.


ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සංවත්සරය සැමරිම


ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ ‍නෞකාව සංවත්සරය සැමරිම