ශ්‍රීලංනානෞ ‘සුරනිමිල’ සහ ශ්‍රීලංනානෞ ‘නන්දිමිත්‍ර’ නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 දෙසැම්බර් 09 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් (ජලමානක) සංජිව ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නෞකා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව 2019 දෙසැම්බර් 09 වන දින උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව නෞකාවන්හි අණදෙන නිලධාරීන් ගේ අංශ පිරික්සුම් සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරීන් විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලදී.

තවද, අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව නෞකාවන්හි සංවත්සර වැඩසටහන් මාලාවන් නිමාවට පත්විය.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාව 2000 අගෝස්තු 22 වන දින සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව 2000 ජුලි 02 වන දින ඊශ්‍රායල් වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සංචිතයට එක් වී ඇති අතර, මෙම නෞකාවන් ද්විත්වය 2000 දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ සහ ‘නන්දිමිත්‍ර’ නමින් අධිකාරියට පත් කරන ලදී.


ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’


ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’