වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ ‘සුරනිමිල’ සහ ශ්‍රීලංනානෞ ‘නන්දිමිත්‍ර’ නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 දෙසැම්බර් 09 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.

10 Dec 2019

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ත්‍රිකුණාමලයට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 දෙසැම්බර් 10) දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව හරසරින් යුතුව එම නෞකාව පිළිගන්නා ලදී.

10 Dec 2019

මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 09 වන දින බටහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

10 Dec 2019

කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 10) චාවකච්චේරිය, පල්ලිකුඩා ප්‍රදේශයේදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

10 Dec 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට (‍දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.

10 Dec 2019