කපිතාන් ප්‍රභාත් රතුගමගේ ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ප්‍රභාත් රතුගමගේ 2019 දෙසැම්බර් මස 10 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (අවි) ඩේමියන් ප්‍රනාන්දු විසින් නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කරන ලදි. ගාල්ල, වරාය පරිශ්‍රයේ නව ජැටියේදි පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාවේදි කපිතාන් (අවි) ඩේමියන් ප්‍රනාන්දු වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මඟින් ආචාරය පිරිනැමිමෙන් පසු සමුදීම සිදු කෙරිණි.

අනතුරුව, නව අණදෙන නිලධාරී කපිතාන් (සංඥා) ප්‍රභාත් රතුගමගේ හට නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් ශ්‍රි ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව වෙත පිළිගන්නා ලදි. අභිනව අණදෙණ නිලධාරිගේ අංශ පිරික්සුමෙන් අනතුරුව නැව් මුලුව අමතා නාවික පුද්ගලයින්ගේ යහපත් හැසිරීම මෙන්ම විනය පවත්වාගෙන යාම පිළිබඳව උපදෙස් රැසක් ලබා දෙන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා දකුණු නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ ධනපාල ද සහභාගී විය.