වැදගත් සිදුවීම්
ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201912111445.jpg)
නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 10 වන දින බේරා ගැනීමට සමත් විය.
11 Dec 2019
නාවික හමුදා “නීල හරිත සංග්‍රාමය” වෙනුවෙන් චීන තානාපති කාර්යාලය පාපැදි සහ විදුලි මෝටර් රථ ප්රදානය කෙරේ
![](../assets/images/news/event_news/front_img/201912111315.jpg)
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කරන ලදී.
11 Dec 2019
වයඹ නාවික විධානයේ නව දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ
![](../assets/images/news/event_news/front_img/201912111245.jpg)
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්බපණ්ණි’ ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව දන්ත ශල්‍යාගාරය 2019 දෙසැම්බර් 10 වන දින වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
11 Dec 2019
ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
![](../assets/images/news/event_news/front_img/201912111230.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
11 Dec 2019
කපිතාන් ප්‍රභාත් රතුගමගේ ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/201912111205.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ප්‍රභාත් රතුගමගේ 2019 දෙසැම්බර් මස 10 වන දින වැඩ භාර ගන්නා ලදී.
11 Dec 2019