වයඹ නාවික විධානයේ නව දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්බපණ්ණි’ ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව දන්ත ශල්‍යාගාරය 2019 දෙසැම්බර් 10 වන දින වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ‍

නාවික පුද්ගලයින්‍‍ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අභිනවයෙන් ඉදි කරන ලද මෙම ශල්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නයනා විජේදෝරු ඇතුළු වයඹ නාවික විධානයේ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.