රියර් අද්මිරාල් සූජීව පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් 2019 දෙසැම්බර් 11 වන දින විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද එදිනට යෙදී තිබූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් පෙරේරා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1985 වර්ෂයේදී 13 වන ශිෂ්‍යභට නිලධාරින් බඳවා ගැනිමේ ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සූජීව පෙරේරා මීට පෙර උතුරු සහ බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, වෙරළරාක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, වයඹ නාවික විධානය භාර ආඥාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.