නාවික හමුදාධිපති විසින් උතුරු නාවික විධාන මූලස්ථානයේ නව කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල විවෘත කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක යෙදුණු අතර, එහිදී විධාන මූලස්ථානයේ ‍ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලේ පළමු අධියර නාවික හමුදාධිපති විසින් විවෘත කෙරුණි.

මෙම ගොඩනැගිල්ල මහල් තුනකින් (03) ඉදි කිරීමට යෝජිත අතර, ඒ අනුව පළමු අධියර යටතේ එහි පහල මහලය කණිෂ්ඨ නාවිකයින්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මෙලෙස විවෘත කිරීමට කටයුතු කර ඇත. එමගින් නාවිකයින්ගේ සුභසාධන කටයුතු ඉහල නැංවිම අපේක්‍ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති ඇතුළු උතුරු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.