13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 53 ක් දිනා ගනී

13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලක් මවට අභිමානයක් ගෙන දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2019 දෙසැම්බර් 12 වන දින දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි.

මෙවර ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 78 දෙනෙකු කරාටේ (02), කබඩි (6), බර ඉසිලීම (4), පාපන්දු (9), වෙඩි තැබීම (9), මල්ලවපොර (02), වූෂු (10), කෝ කෝ (1), දුනු විදීම (4), මලල ක්‍රීඩා (8), පැසිපන්දු (1), පාපැදි (1), අත් පන්දු (11), ජූඩෝ (3), වොලිබෝල් (2), බීච් වොලිබෝල් (2), ටයිකොන්ඩෝ (1), ක්‍රිකට් (1) සහ තුන් ප්‍රයාම (1) යන ක්‍රීඩාවන් යටතේ තරඟ වැදීමෙන් සිය දක්‍ෂතා පිළිඹිබු කරමින් පදක්කම් 53 ක් හිමි කර ගන්නා ලදී.


රන් පදක්කම් ලාභීන්

බකානැවි ජිටීඒ අබේරත්න

මලල ක්‍රීඩා (මීටර් 400 x 4 සහාය දිවීම) - කාන්තා

උප ලුතිනන් ජේඒ නිස්සංක

ටයිකොන්ඩෝ (පූම්සේ යුගල)

බල නැවි ඕඩීපීඑන් අනුරුද්ධ

වුෂු - පිරිමි


රිදී පදක්කම් ලාභීන්

බල නැවි එච්ටීඑන් මෙන්ඩිස්

කරාටේ - පිරිමි

බල නැවි ටීකේඑච් ලක්මාල්

කරාටේ - පිරිමි

ලිපිකරු ඒඑච්එම්එන්ඩී අබේසිංහ

කබඩි - පිරිමි

බල නැවි එච්ආර්සී හපුතන්ත්‍රි

කබඩි - පිරිමි

සානැවි කේ සිනෝතරන්

කබඩි - පිරිමි

සානැවි බීසී ප්‍රියන්ති

බර ඉසිලීම (කි.ග්‍රෑ. 76 බර පංතිය) - කාන්තා

නානැවි ඊඑම්ජී චතුරංග

මල්ලවපොර (කි.ග්‍රෑ. 57 බර පංතිය) - පිරිමි

සානැවි එස්පීඑස් නිරෝෂනී

මල්ලවපොර (කි.ග්‍රෑ. 50 බර පංතිය) - කාන්තා

බසෙ පීඑස්කේ හේරත්

දුනු විදීම - පිරිමි

බකානැවි ඩබ්එස් හර්ෂනී

දුනු විදීම - කාන්තා

බකානැවි ඩීකේ රණසිංහ

මලල ක්‍රීඩා (උස පැනීම)- කාන්තා

බකානැවි ජිටීඒ අබේරත්න

මලල ක්‍රීඩා (මිටර් 800)- කාන්තා

ලුතිනන් කේජීඑන්එල් කිරිඇල්ල

පැසිපන්දු

බනැවි එම්සී දිලානි

ජූඩෝ (කි.ග්‍රෑ. 48 බර පංතිය) - කාන්තා

සාකානැවි ඒකේටී ලක්ෂානී

බිච් වොලිබෝල් - කාන්තා

උප ලුතිනන් ජේඒ නිස්සංක

ටයිකොන්ඩෝ (යුගල)

සාකානැවි එච්එම්ඩී සමරවික්‍රම

ක්‍රිකට් - කාන්තා

සානැවි පීපීපීඑම්ජී සිල්වා

පාපැදි - පිරිමි

බල නැවි කේටීඒටීපී කුමාර

වුෂු - පිරිමි

ඉකා ඩබ්ආර්එම්ටී මධුසංක

වුෂු - පිරිමි

සාකානැවි පීඑච්ජී වත්සලා

වුෂු - කාන්තා


ලෝකඩ පදක්කම් ලාභීන්

සානැවි ඒපීඑම් හංසමාලි

කබඩි - කාන්තා

සානැවි ඊඩබ්අයිඑස් විජේතුංග

කබඩි - කාන්තා

සානැවි පී මධුෂානි

කබඩි - කාන්තා

සානැවි වීසීජී විදානගේ

බර ඉසිලීම (කි.ග්‍රෑ. 81 බර පංතිය) - පිරිමි

නානැවි ඩබ්කේවයි ක්‍රිෂාන්ත

ඉලක්කයට වෙඩි තැබීම - පිරිමි

නාසෙ එච්ජීඩීපී කුමාර

ඉලක්කයට වෙඩි තැබීම - පිරිමි

නානැවි (විආ) ඩබ්එම්කේ කුමාර

ඉලක්කයට වෙඩි තැබීම - පිරිමි

නාකාසංඥා එම්ජීටීයූ එගොඩවෙල

ඉලක්කයට වෙඩි තැබීම - කාන්තා

බකානැවි කේකේජී පෙරේරා

ඉලක්කයට වෙඩි තැබීම - කාන්තා

බකානැවි ඩබ්එම්එස්වයි පෙරේරා

ඉලක්කයට වෙඩි තැබීම - කාන්තා

නාඉකා ඩීඑම්එන්ඩී ජයසිංහ

අත්පන්දු - පිරිමි

නානැවි කේඑම්ආර්එස්එස් බණ්ඩාර

අත්පන්දු - පිරිමි

නාශාඅ ඩබ්එච්පී ද සිල්වා

අත්පන්දු - පිරිමි

නානැවි ඩබ්ඒසීපී විජේන්ද්‍ර

අත්පන්දු - පිරිමි

බනැවි එම්එස්එල් ශ්‍රීකාන්ත

අත්පන්දු - පිරිමි

බනැවි ඒඑස්කේ ප්‍රියදර්ශන

අත්පන්දු - පිරිමි

බනැවි එච්ඒඩී හෙට්ටිගොඩ

අත්පන්දු - පිරිමි

බසානැවි කේවීඑස්ඩී කුමාරසිංහ

ජූඩෝ (කි.ග්‍රෑ. 70 බර පංතිය) - කාන්තා

සානැවි ඩබ්ජීඑල්ඩී ජයවර්ධන

ජූඩෝ (කි.ග්‍රෑ. 78 බර පංතිය) - කාන්තා

බකානැවි එච්එච්ඩී සංජිවනි

වොලිබෝල් - කාන්තා

සාකානැවි කේඑල් පෙරේරා

වොලිබෝල් - කාන්තා

උප ලුතිනන් ජේඒ නිස්සංක

ටයිකොන්ඩෝ (පූම්සේ - තනි) - පිරිමි

නාශාඅ ජේඑම්එස්එන් කුමාර

තුන්ප්‍රයාම (සහාය) - පිරිමි

සාකානැවි පීඒඅයිඑන්පී පෙරේරා

මලල ක්‍රීඩා (කවපෙත්ත විසිකිරීම) - කාන්තා

බනැවි එස්ආර් කුමාර

වුෂු - පිරිමි

බනැවි පීඑන් බලවර්ධන

වුෂු - පිරිමි

බනැවි ජීඒඑම් චන්දික

වුෂු - පිරිමි

බශාආ එස්ජීආර් රුමේෂ්

වුෂු - පිරිමි

බකානැවි එස්වීපීආර් දිල්හානි

වුෂු - කාන්තා