හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 12 වන දින මන්නාරම, තොඩ්ඩවේලි ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 450 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම, තොඩ්ඩවේලි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඔහු පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.