කේරළ ගංජා ගෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 14 වන දින යාපනය, චෙඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව මතින් තොර රටක් බවට පත් කිරීම සඳහා උර දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව සිදු කරන ලද තවත් මෙහෙයමුක් යාපනය, චෙඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව සිදු කරන ලදී. එහිදී සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) නිරික්‍ෂණය කර ‍එම සැකකරුවන් පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙහිදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගනු ලැබුයේ වයස අවුරුදු 42 සහ 45 වන වියෙහි පසුවන සිවපුරම් සහ සෙට්ටිපුරම් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කයිට්ස්, පොලීසිය විසින් සිදු කරනු ලබයි.