රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය 2019 දෙසැම්බර් 16 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

මෙහිදී, රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් ගිණිකොන නාවික විධානය වෙත පිළිගත් අතර, ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල විසින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් විජේසුරිය වෙත භාර දීම සිදු කෙරිණි. එමෙන්ම මිට පෙර රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය නාවික හමුදා අධ්‍යක්ෂ නාවික සුභසාධක වශයෙන් රාජකාරී සිදු කරන ලදී.

තවද, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් කළුබෝවිල ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇති අතර, එතුමන් හට ගිණිකොන නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.