නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 16 වන දින සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුල සිදු වන ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තර අවධානය යොමු කරමින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සේරුනුවර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස ලැගුම්හලක සඟවා තිබූ වාලම්පුරි දෙකක් (02) සොයා ගැනීමට සමත් වීය. එහිදී ලැගුම්හලේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) ද අත් අඩංගුවට ගෙන ඇති අතර, මෙම වාලම්පුරි දෙක (02) කිලෝග්‍රෑම් 1.6 ක බරකින් යුක්තය.

මෙම වාලම්පුරි අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබීයදි සොයා ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 37 සහ 57 වන වියෙහි පසුවන පන්කුලම, සිංහගම සහ සේරුනුවර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එම සැකකරුවන් සහ වාලම්පුරි සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සේරුනුවර, පොලීසිය විසින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල මෙන්ම රට අභ්‍යාන්තරය තුලද සිදුවන ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා දායකත්වය සපයන ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියේදීත් ඒ සඳහා දායකත්වය සැපයීමට කටයුතු කරමින් සිටි.