ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් 2019 දෙසැම්බර් 18 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

මෙහිදී, ආරක්ෂක උපදේශක, කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් හමුවූ අතර, එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වන ලදී.

එහිදී වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.