සාගරය හරහා සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට නාවික හමුදා මෙහෙයුම්

නාවික හමුදාව විසින් අද (දෙසැම්බර් 18) මයිලඩි සහ වැල්වැටිතුරෙයි අතර මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කිරීමට නාවික හමුදාව කිසිසේත්ම අවස්ථාව ලබා නොදෙන අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එවැනි වූ මෙහෙයුමක් වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කල අතර, එහිදී මයිලඩි සහ වැල්වැටිතුරෙයි අතර මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා පාර්සල් 03 ක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදී නාවික හමුදාව විසින් වැල්වැටිතුරෙයි වෙරළ තීරය ආශ්‍රිතව ද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර, එහිදී වෙරලට ගොඩගසා තිබූ තවත් කේරළ ගංජා සහිත පාර්සල් 02 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව සිදු කල මෙහෙයුම් මගින් නාවික හමුදාව විසින් පාර්සල් 05 ක තිබූ, තෙත බර සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 70 කට ආසන්න තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒවා තවත් කුඩා පාර්සල් 15 ක අසුරා තිබී ඇත.

සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අච්චුවෙලි, පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇති අතර, තවද, නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල මෙන්ම වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ‍මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.