මානුෂීය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් කල්කුඩා, වාලච්චේන ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 18 වන දින සිදු කළ පා මුර සංචාරයක් අතරතුර පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇති අතර, අදාල බෝම්බය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත.

තවද, මෙම පුද්ගල නාශක බෝම්බය මානුෂිය මෙහෙයුම් සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.