සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් අද (2019 දෙසැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නාවික හමුදාධිපතිතුමා විසින් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නාවික හමුදා මූලස්ථානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය. තවද, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.