මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම, තිලයාඩියාගම ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 18 වන දින සිදුකල ‍වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා නාවික හමුදාව සහ පුත්තලම, පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 18 වන දින පුත්තලම, තිලයාඩියාගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්‍ෂා කිරීමේදී මෙම සැකකරුවන් දෙදෙනා (02) මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 100 ක් සොයා ගැනීමට සමත් වූ අතර, පසුව මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

අත් අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට කරුණු අනාවරණය කරගෙන ඇත. එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම, පොලීසිය විසින් සිදු කරනු ලබයි.

තවද, ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.