මානසික ආතතිය කලමණාකරණය කිරීමේ විශේෂ වැඩමුළුවක් ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී

මානසික ආතතිය කලමණාකරණය කිරීමේ විශේෂ වැඩමුළුවක් 2019 දෙසැම්බර් 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී ජාත්‍යන්තර සම්මානලාභි ප්‍රවීන රංගධර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විල්සන් ගුණරත්න, ප්‍රවීන රංගන හා ගායන ශිල්පි රොඩ්නි වර්ණකුල සහ ගම්පොළ මූලික රෝහලේ වෛද්‍ය දමිත් හෙට්ටිආරච්චි ඇතුළු රංගන ශිල්පීන්ගෙන් සමන්විත ‘චරිත හතක්’ මිඩියා කණ්ඩායම විසින් ‘Doctor & Actor’ යන තේමාවට අනුව නාට්‍යමය ස්වරූපයෙන් මෙම වැඩමුළුව නාවික පුද්ගලයින්ගේ මානසික ආතතිය කලමණාකරණය කිරීම අරමුණ කර ගනිමින් පවත්වන ලදී.

මෙම වැඩසටහන නැරඹිම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.