රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව හිමිකර ගනී

රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරඟාවලිය 2019 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින ත්‍රිකුණාමලය, ගෘහස්ථ ක්‍රීඩාංගණ‍යේදී පැවැති අතර, එහි ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත්වන ලදී.

මෙම තරඟාවලිය ‘ඒ’, ‘බී’ සහ ‘සී’ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ වදින ලදී. මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවෝ තරඟාවලිය පුරා සිය දක්‍ෂතා පිළිබිඹු කරමින් 45 ට 55 ලෙස ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම සහ 39 ට 59 ක් ලෙස යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාවය ද හිමිකර ගැනීමට සමත් වන ලදී.

එමෙන්ම, මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය සහ ක්‍රීඩා විනය පැමිණි සිටි අමුත්න්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ පැසසුමට ලක් වීය. ‍