ඉන්දීයානු නාවික හමුදාධිපතිතුමා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

සිව් දින නිල සංචාරයක් සඳහා 2019 දෙසැම්බර් 18 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 20) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ද සහභාගි වී සිටියහ.