ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනය සිය 48 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනයේ 48 වන සංවත්සරය 2019 දෙසැම්බර් 18 වන දින අභිමානවත් ලෙස සමරන ලදී.

48 වන සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව විසින් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, තංගල්ල වැල්ල බෝධිය විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධාගමික වැඩසටහනක්, ශාන්ත ප්‍රැන්සිස් මුනිඳුන්ගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය සහ මස්ජිද් මොහිදීන් ජුම්මා පල්ලියේදී ඉස්ලාම් ආගමික වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. තවද, දකුණු නාවික විධානයට අයත් ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ක්‍රීඩා වැඩසටහන් කිහිපයක් ද තංගල්ල පිරිමි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මෙම සංවත්සරයට සමගාමීව එදින සන්ධ්‍යාවේ වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබූණි. ඒ අනුව උත්කර්ශවත් අයුරින් පැවැති සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.