කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි ශ්‍රීලංනානෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් නලින් ගෝනගල විසින් කන්කසන්තුරෙයි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන‍යේ ජැටීයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය නියෝජනය කරමින් උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සේනක සෙනෙවිරත්න සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.