ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාව සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘හංසයා’ නෞකාව අද (2019 දෙසැම්බර් 20) සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරන ලදී.

ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ අණදෙන නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් ඉරෝෂ් රන්සර ඇතුළු නැව් මුළුව විසින් නෞකා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබූණි. ඒ අනුව අද උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව ත්‍රිකුණාමලය, නිකල්සන්කෝව් හිදී අණදෙන නිලධාරීගේ අංශ පිරික්සුමක් පැවැති අතර, එහිදී අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වි‍මෙන් අනතුරුව නෞකාවේ සංවත්සර වැඩසටහන් මාලාවන් නිමාවට පත්විය.