ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් විසි අටදෙනෙකු(28) බේරා ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 21) වන දින කලාවැව පිටාර ගැලිම හේතුවෙන් අනුරාධපුර 500 ඉපලෝගම ග්‍රාමසේවා වසමේ දික්වැව ගම්මානයේ අවතැන්ව සිටි පුද්ගලයින් විසි අටදෙනෙකු බේරා ගැනිමට සමත් විය.

ඒ අනුව මේ දිනවල ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් කලාවැව පිටාර ගැලීමේන් ඇති වු ගංවතුර තත්වය නිසා අවතැන්ව සිටි පුද්ගලයින් මෙලෙස නාවික හමුදාව විසින් මුදවා ගෙන ඇත.

තවද, මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයට මුහුණ දීමට සහන කණ්ඩායම් රැසක් ප්‍රදේශ රැසක අනුයුක්ත කිරීමට මේවන විට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුල හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම් කර ඇත.