ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් සිව්දෙනෙකු(04) බේරා ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 20 වන දින ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනිමට සමත් විය.

ඒ අනුව යාල වනයේ බඩ ඉරිඟු හේනක ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටියදී දින දෙකක් තිස්සේ ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඇතිමලේ විල ඔය පිටාර ගලා ඇති වු ගංවතුර තත්වය නිසා අවතැන්ව සිටි පුද්ගලයින් මෙලෙස මුදවා ගෙන ගම්මානයට රැගෙන ඒමට සමත් වී ඇත.

තවද, මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයට මුහුණ දීමට සහන කණ්ඩයම් රැසක් ප්‍රදේශ රැසක අනුයුක්ත කිරීමට මේවන විට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුල හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම් කර ඇත.