ජාතික ප්‍රවීනයන්ගේ ටේබල් ටෙනිස් සම්මාන උළෙල - 2019

19 වන ජාතික ප්‍රවීණ මේස පන්දු සම්මාන උළෙල 2019 දෙසැම්බර් 20 වන දින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී පැවත්වු අතර, මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මේස පන්දු සංගමය (VTTASL) විසින් සංවිධානය කරන ලදී.

අධ්‍යක්ෂ ජනරාල් සේවා රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, VTTASL හි සම්මානලාභී සාමාජිකයින් සහ අතීත ජාතික ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ. මේහිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රවීණ මේස පන්දු ක්‍රීඩකයින් සඳහා පහත සඳහන් සම්මාන ප්‍රධානය කරන ලදී.


අවුරුදු 40 ට වැඩි පිරිමි කේවල ශූරතාව

සානැවි ඉන්දික සිල්වා


අවුරුදු 40 ට වැඩි පිරිමි ද්විත්ව ශූරතාව

කපිතාන් අනිල් බෝවත්ත

සානැවි ඉන්දික සිල්වා


කණ්ඩායම් ඉසව් අංශයේ අනුශූරතාව

කොමදෝරු සිසිර විරකෝන්

කපිතාන් අනිල් බෝවත්ත

බළ ශාරිරික අභ්‍යාසක කපිල ප්‍රනාන්දු

සානැවි ඉන්දික සිල්වා


අවුරුදු 50 ට වැඩි පිරිමි කේවල-අර්ධ අවසන්

කපිතාන් අසන්ග රණසුරිය