අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පහත නාවික විධානයන් මගින් අනුයුක්ත කර ඇත.

ඒඅනුව වයඹ නාවික විධානයේ නවගත්තේගම, පල්ලම, පොල්පිතිගම, කරුවලගස්වැව, ඉගිණිමිටිය, මන්නතිවි යන ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් හතක්ද,

නැගෙනහිර නාවික විධානයේ පොළොන්නරුව, චෙන්කලඅඩි, මනම්පිටිය ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

උතුරු මැද නාවික විධානයේ ඉපලෝගම, බුල්නෑව, තඹුත්තේගම ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

දකුණු නාවික විධානයේ කතරගම සඳහා සහන කණ්ඩායම් දෙකක්ද,

ගිණිකොන නාවික විධානයේ පානම ප්‍රදේශයේ සහන කණ්ඩායම් අටක්ද, වශයෙන් නාවික හමුදා සහන කන්ඩායම් විසි පහක් (25) ක් පුද්ගලයන් මුදවා ගැනීමේ කුඩා යාත්‍රා 25 ක් සහ නාවික හමුදා පුද්ගලයින් 112 ක් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු වලට යොදවා ඇත.


ඇතිමලේ ප්‍රදේශයේ ඡායාරුප


ඉපලෝගම ප්‍රදේශයේ ඡායාරුප


පානම ප්‍රදේශයේ ඡායාරුප


සෙල්ල කතරගම ප්‍රදේශයේ ඡායාරුප


ඉගිනිමිටිය ප්‍රදේශයේ ඡායාරුප