ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 36 දෙනෙකු අද (2019 දෙසැම්බර් 21) අධිකාරියට පත් කරන ලදී.
ඒ අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 60 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං සහභාගී විය.
ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික ප්‍රදේශභාර ආඥාපතිවරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු ප්‍රසන්න මහවිතාන, නාවික හමුදා මුලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගීවී සිටියහ.
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන ප්රදානය කෙරිණි. ඒ අනුව, 60 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ කුසලානය මධ්‍ය නිලධාරී ඩබ්කේඒ ප්‍රියදර්ශන හිමි කර ගන්නා ලද අතර, ජල තරණ විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය ද එම මධ්‍ය නිලධාරියා විසින්ම හිමිකර ගන්නා ලදී. සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය මධ්‍ය නිලධාරි, ඩබ්ඒඑස් දිල්ශාන් හිමිකර ගත් අතර, මධ්‍ය නිලධාරී ජේඑම්කේ කුමාර වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී. දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඊපීටීපී ප්‍රියමාල් හිමි කර ගත් අතර, මධ්‍ය නිලධාරි කේආර් හපුආරච්චි හොඳම ඉලක්කකරුට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.
නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය.
|
|















































