අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පහත නාවික විධානයන් මගින් අනුයුක්ත කර ඇත.

ඒඅනුව වයඹ නාවික විධානයේ නවගත්තේගම, සාලිය වැව, එළුවන්කුලම, යන ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් තුනක්ද

නැගෙනහිර නාවික විධානයේ පොළොන්නරුව, කිරාන්, පුනානී ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

උතුරු මැද නාවික විධානයේ ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

දකුණු නාවික විධානයේ සෙල්ල කතරගම සඳහා සහන කණ්ඩායම් එකක්ද,

ගිණිකොන නාවික විධානයේ පානම ප්‍රදේශයේ සහන කණ්ඩායම් එකක්ද, වශයෙන් නාවික හමුදා සහන කන්ඩායම් දහතුනක් (13) ක් සහ පුද්ගලයන් මුදවා ගැනිමේ කුඩා යාත්‍රා 15 ක් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු වලට යොදවා ඇත.