නීති විරෝධී ලෙස වැලි පැටවූ පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, රාකුලි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි පටවමින් සිටි පුද්ගලයින් නමදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, රාකුලි ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ පා මුර සංචාරයක් අතරතුරදී නීති වීරෝධි ලෙස වැලි පටවමින් සිටි පුද්ගලයින් සහ ඔවුන් සතුව තිබු ට්‍රැක්ටර් 05 ක්, ටේලර් 05 ක් , යතුරු පැදියක් සහ වැලි කියුබ් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 40 ත් අතර වියෙහි පසුවන ත්‍රිකුණාමලය, මූතුර් 05 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. එම පුද්ගලයින්, ට්‍රැක්ටර්, ටේලර්, යතුරු පැදිය සහ වැලි කියුබ් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතුර් පොලීසිය වෙත භාර දෙන ලදී.

තවද, නාවික හමුදාව විසින් නීති විරෝධී වැලි ජාවාරම් මැඩපැවැත්විමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමඟින් විශාල පරිසර හානියක් වලක්වා ගැනීමට නාවික හමුදාව සිය දායකත්වය සපයා ඇත.