ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනකට සහාභාගි වෙයි

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද ( 2019 දෙසැම්බර් 22 ) අළුයම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමග ත්‍රිකුණාමලය, සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතව සිටින ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමග වෙරළ පිරිසිදු කිරිමේ වැඩ සටහනට සහභාගි වී ඇති අතර, ඉන් අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් නාවික මැදුරේ පැළයක් රෝපණය කර ඇත.

තවද, ඉන් අනතුරුව නැගෙනහිර නාවික විධාන නාවික මැදුරේ විශේෂ අමුත්තන් සටහන් තබන පොතෙහි සටහනක්ද තබමින් ඉන්දියානු නාවික හමුදාධිපති තුමා නැගෙනහිර නාවික විධාන සංචාරය අවසන් කරන ලදි.